රම්බොඩ ඇල්ල
Picture by Rajitha Herath
Location - Ramboda Ella
Date - 20 November 2018
මේකෙ නම කිව්ව ගමන් බොහෝ අය දන්නවා. ඇත්තටම රම්බොඩ කියන ගමේ නම ප්‍රසිද්ධ වුණෙත් මේ ඇල්ල නිසා. ඉස්සර මේකට පූනා ඇල්ල කියලත් කිව්වාලු. රම්බොඩ මේ ඇල්ල ඇරැනම තියෙන අනිත් වැදගත්ම දේ තමයි රම්බොඩ උමඟ. මහනුවර ඉඳලා නුවරඑළියට යන ප්‍රධාන මාර්ගයේ අතරමග රම්බොඩ උමඟ පහුවෙනවාත් එක්කම තමයි රම්බොඬ ඇල්ල තියෙන්නේ. ඇල්ලේ උඩ රම්බොඩ ඇල්ල හා පහළ රම්බොඩ ඇල්ල කියලා කොටස් දෙකක් තියෙනවා. නුවරඑළිය පාරේ ඉඳන් බලද්දී ඔයාලා දකින්නේ දිය ඇල්ලේ මැද සහ යට කොටස විතරයි. මේ දෙකටම වැඩිය ලස්සන උඩ කොටස බලන්න නම් දිය ඇල්ල ළගින් උඩට නගින්න තියන අඩි පාරේ මීටර් 750ක් වගේ යන්න ඕනි. දෙකම බලන්න ප්‍රධාන මාර්ගයේ ඉඳලා පොඩි දුරක් උඩට හා පහළට යන්න ඕනෑ. උඩට යන්න තියෙන පාර පඩිපෙළවල් දාලා හදලා තියෙන්නේ. හැබැයි දැන් නම් පොඩ්ඩක් වල්වැදිලා. ඒ වුණාට ඒකත් ලස්සනයි. මේ සමහර ෆොටෝ තියෙන්නේ ඒ යන පාරේ.
උඩරම්බොඩ ඇල්ල බලන්න පඩිපෙළ දිගේ ඉහළටම නැග්ගාට පස්සේ නැරඹුම් අට්ටාලයක් හදලා තියෙනවා. නැරඹුම් අට්ටාලයට ගිහිල්ලා බලන්නත් පුළුවන්. ඒ වගේම අට්ටාලයට යටින් ඇල්ල පාමුලට ගිහිල්ලා ඇල්ල බලන්නත් පුළුවන්. ඇල්ල පාමුලට ගියාට පස්සේ නම් වටේට දියඇළි විමානයක් වගේ දැනේවි. රම්බොඩ ඇල්ලට අමතරව වටේට තව කුඩා දියඇළි රුසක් කඩාගෙන වැටෙනවා. ලංකාවේ උසින් 11 වැනි ස්ථානය හිමිකර ගන්නා රම්බොඩ ඇල්ල ලෝකයේ දිය ඇලි අතුරින් 729 වැනි ස්ථානය හිමි කරගන්නවා.
රම්බොඩ ඇල්ලේ පහළ කොටස බලන්න නම් රම්බොඩ ෆෝල්ස් හෝටලය මැදින් පහළට යන්න ඕන. බයනැතිව යන්න. ඒක විතරයි මේක බලන්න යන්න තියෙන පාර. හෝටල් කළමනාකාරීත්වයෙන් ලොකු ගැටලුවක් නෑ. මේ කිව්ව හෝටලයට යන පාර අසලින්ම දිවෙන්නේ රම්බොඩ උමග හදන්න කලින් නුවර - නුවරඑළිය ප්‍රධාන මාර්ගය ඉස්සර දැවැන්ත ගල් පර්වතයක පහළ කොටස කපලා තමයි උස වාහන වලට යන්න පාර හදලා තියෙන්නේ. ඒ මාර්ගයත්, අර කිව්ව කැපූ ගල් පර්වතයත් තවම තියෙනවා
උපුටා ගැනීමකි
No comments:
Post a Comment